spot_img
spot_img

ගම්මන්පිලගෙන් සිරිල් ගාමිණී පියතුමන්ට ප්‍රශ්න 10ක්

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කතෝලික සභාවේ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන්ට ප්‍රශ්න 10ක් ඉදිරිපත් කළේය.

එහිදී ඔහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ සිරිල් ගාමිණි පියතුමන් ඒවාට පිළිතුරු දීම මග හැරියහොත් උන්වහන්සේ පවත්වන ඉදිරි ප්‍රවෘත්ති සාකච්ඡාවලදී දිගින් දිගටම ඒ ප්‍රශ්න උන්වහන්සේ වෙත යොමු කරන ලෙසය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා,

“2018 පළාත් පාලන මැතිවරණයේදී සහ ජනාධිපතිවරණයට යනවිටත් 56% ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණා – වැඩිපුරත් එක්ක තිබුණා. පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියෙක් ඉන්නවා. කාදිනල් හිමියන් 2022 නොවැම්බර් 15වැනිදා විශ්‍රාම යෑමට තිබුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබල පිරිසක් නීතීය හමුවට ගෙන ඒමට මම තනතුර දැරිය යුතුයැයි වතිකානුවට දැනුම්දීලා. කාදිනල් හිමි අවස්ථා 04කදී සේවා දිගු ලබාගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා කාදිනල් හිමි. එසේනම් මෙම ප්‍රහාරයේ වගකීම කාදිනල් හිමිට පවරන්නේ නැත්තේ ඇයි? 2021 ඔක්තෝබර් 13 වැනිදා සිදුකළ සාකච්ඡාවකදී. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සලේ කියලා සිරිල් ගාමිණී පියතුමා කියනවා එය සිදුකළේ කුමන සාක්ෂියක් මතද? පාස්කු විමර්ශන නැවැත්වීමට ආණ්ඩුවට බලකරන විපක්ෂයේ පිරිස කවුද? සුරේෂ් සලේ සිය දුරකථනයේ සහ පරිගණකයේ මුරපද රහස් පොලිසියට ලබාදිය යුතුයි කියලා ඔබතුමා ප්‍රකාශ කළාසැකකරුවෙකුට එවැනි බලකිරීමක් සිදුකිරීම නීතිවිරෝධී බව දන්නෙහිද? රහස් පොලිසිය සලේට අමානුෂික ලෙස සලකා ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හා මානව හිමිකම් වාර්තාවෙන් තහවුරු වී තිබෙනවා. එම අමානුෂික සැලකිලි සම්බන්ධයෙන් අප හඬනගනවිට ඔබතුමා එය සාධාරණීකරනය කරමින් ප්‍රකාශ සිදුකිරීම සාධාරණද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනාවට ලක්වීම නිසා. ගෝඨාභය රජපක්ෂ ආණ්ඩුව ශානි ඉවත්කළ බව දැනගෙනත්. යළි ඔහු එම තනතුරේ පිහිටුවන ලෙස සිදුකළ ඉල්ලීම හරහා නැවත පරීක්ෂණ භාරදෙන්නේ චුදිතයෙකුට බව දැන සිටියාද? ශානි සහ රවීට නඩු පැවරිය යුතු බවට නිර්දේශ කර තිබියදී ඔවුන්ටම එම තනතුරු ලබාදීමට බලකිරීමෙන් සැඟවිය යුත්තක් තිබුණේද? එකිනෙකට පරස්පර ඉල්ලිම් සිදුකළ බව පිළිගන්නවාද? වරින්වර මහමොළකරු මාරුකිරීමට බලපෑ හේතු මොනවාද? අබුහින්ද් මහමොළකරු බවට වූ තොරතුරු විර්ශනවලට ලබාදුන්නාද?”

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...