පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මෙන්ම අනුර කුමාර දිසානායක මහතාද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරයේ ආරම්භයත් සමග පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඊයේ (19) පළමුවරට
එහි නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
ඊයේ කෝප් කමිටුව රැස්වුණේ එහි සාමාජිකයින් 30න් හත්දෙනෙකුම ඉල්ලා අස්වී තිබූ පසුබිමකයි.
කෙසේවෙතත් සෙසු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවති කෝප් කමිටු රැස්වීමේදී රාජ්‍ය වැවිලි සංස්ථාවේ කටයුතු පිළිබඳව සාකච්ඡාවට ගෙන තිබෙනවා.
මේවනවිට වසන්ත යාපා බණ්ඩාර මහතා, දුමින්ද දිසානායක මහතා සහ අනුර කුමාර දිසානායක මහතා සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟ මේ වනවිට මන්ත්‍රීවරු 10 දෙනෙකු නව සභාපතිවරයාට විරෝධය පළ කරමින් කෝප් කමිටුවෙන් ඉවත්ව තිබෙනවා.




