spot_img
spot_img

ගොවි විරෝධතා කරන්නේ කසිප්පුකාරයන්, දුෂිතයන් – ඔවුන්ගේ වංචා දුෂණ හෙලි කරනවා.. – ටී.බී. සරත්

ගොවි විරෝධතා සංවිධානය කරන ඇතැම් නායකයන්ගේ කුප්‍රකට තොරතුරු සහ ඔවුන් සිදුකරන දූෂිත ක්‍රියාවන් ඉදිරියේදී රට හමුවේ හෙළි කරන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි. අරණගංගංවිල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ මෙම විරෝධතා පිටුපස සිටින්නේ සැබෑ ගොවියන් නොව විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් බවයි.

වත්මන් විරෝධතා මෙහෙයවනු ලබන්නේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් විසින් බවත්, ඔවුන්ගේ අරමුණ ගොවි ප්‍රශ්න විසඳීම නොව ආණ්ඩුව පෙරළා දැමීම බවත් ඔහු චෝදනා කරයි.

ගොවි නායකයන් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයන් රජයෙන් වරප්‍රසාද භුක්ති විඳින අතරම, ගම් මට්ටමින් කසිප්පු පෙරීම වැනි විවිධ දූෂිත ක්‍රියාවල නිරත වන බවට තොරතුරු ලැබී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය. ඉදිරියේදී පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡා මගින් මෙම පුද්ගලයන්ගේ තොරතුරු ජනතාවට හෙළි කරන බවට ඔහු අනතුරු ඇඟවීය.

මේ වන විට ගොවියන් සතුව විශාල වී තොග නොමැති බවත්, වැඩි වී තොග ප්‍රමාණයක් පවතින්නේ මෝල් හිමියන් සතුව බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

වී අලෙවි මණ්ඩලය හරහා නැවත වී මිලදී ගැනීම් සිදු කරන්නේ ලබන කන්නයේ අස්වනු නෙළන අවස්ථාවේදී බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට පිළිතුරු සෙවීමට රජය සූදානම් වුවද, දේශපාලන අරමුණු වෙනුවෙන් සුළු පිරිසක් යොදාගෙන සිදුකරන මෙවැනි උද්ඝෝෂණවලට ජනතාවගේ සහයක් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...