spot_img
spot_img

දමිතාට සහ සැමියාට අධිකරණය දුන් නියෝගය

කොරියාවට යවන බව පවසා මුදල් වංචා කළ බවට චෝදනා එල්ලවී ඇති ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියාට එරෙහිව පරිගණක අපරාධ කොට්ඨාශය විසින් අද(20) අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා.

එහිදී පරිගණක අපරාධ කොට්ඨාශය දැනුම්දී ඇත්තේ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියාට එරෙහිව ආගාමික සහ විගාමික පනත යටතේ වැරදි අනාවරණය වන බවයි.

මේ අතර ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියා විසින් සිදුකළ අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් විරුද්ධ වන බවද පොලීසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙසට අධිකරණයේ කළ ඉල්ලීමට අදාළ නියෝගය ලබාදීම එළඹෙන 27 වනදා දක්වා කල්තබන බවට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා දැනුම්දි තිබුණා.

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට චෝදනා ගොනු කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...