spot_img
spot_img

“පාස්කු දා ප්‍රහාරය පිටුපස රාජපක්ෂ කඳවුර හිටිය බව මමත් කියනවා.. රාජිතත් කියනවා..!” ආශු යළි යළිත් කියයි

පාස්කු ප්‍රහාරය පිටුපස රාජපක්ෂ කදවුර සිටි බව තමා මෙන්ම රාජිත සේනාරත්නද දැඩිව විශ්වාස කරන බව ආශු මාරසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසූවේ, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දීයි.

පාස්කු දා ප්‍රහාරය සිද්ධ වී හරියටම මසක් ඇත-ුළත, ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට එවකට පැවති රජය පාර්ලිමේන්ත-ු විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලදී.

ආශු මාරසිංහ සහ රාජිත සේනාරත්න එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන් ය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සිය විමර්ශනය සිදුකරමින් යන අතරතුර දී, මෙම ප්‍රහාරය පිටුපස රාජපක්ෂ කදවුර සිටින බවට වන සැක සංකා මතුවන කරුණ අනාවරණය වූ බව ආශු මාරසිංහ පවසයි.

පාස්කු ප්‍රහාරය එල්ල වී සති දෙකක් ගතවීමටත් මත්තෙන් ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණ තමා ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීම ද ප්‍රහාරය පිටුපස ඇති රාජපක්ෂවරුන්ගේ සම්බන්ධය තහවුරු වන සිදුවීමක් බව ආශු මාරසිංහ පවසයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...