spot_img
spot_img

මහජනතාවට සෞඛ්‍යයෙන් විශේෂ දැනුම්දීමක් – මේ වෛරසය කළින්ට වඩා දරුණුයි – පැතිරීමේ අවදානමත් ඉහළට

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බවයි.

ඒ අනුව වෛරසයේ පවතින මෙම වෙනස් ස්වභාවය හේතුවෙන් වෙනදාට වඩා වැඩි පිරිසකට ඩෙංගු රෝගය වැළඳීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවට අවධාරණය කරයි.

එසේම වෛරසයේ මෙම වෙනස් වීම හේතුවෙන් රෝගය පැතිර යාමේ අවදානම ඉහළ ගොස් තිබෙන බැවින්, මහජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස විමසිලිමත් විය යුතු බවට ඔහු පෙන්වා දෙයි..
තවද පවතින තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කිරීමේ වැදගත්කම ද ඔහු සඳහන් කරයි.

ඊට අමතරව හංසක විජේමුණි මහතා වැඩිදුරටත් සඳහන් කළේ වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග සහ අවශ්‍ය සෞඛ්‍යමය පියවර පිළිබඳව අවධානය යොමු කිරීම මෙම අවදානම් තත්ත්වය පාලනය කිරීමට අත්‍යවශ්‍ය කරුණක් බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...