spot_img
spot_img

අද ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට

අමෙරිකා-ඉරාන යුද්ධය අවසන් කිරීමට මැදිහත් වෙමින් සිටින පාකිස්තානය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ පරිදි, ප්‍රධාන හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කරන ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අද(15) දින ආසියාවේ තෙල් මිල ගණන් පහත වැටී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගෝලීය තෙල් මිණුම් ලකුණ වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 4% කින් පහළ ගොස් ඩොලර් 83.81 (ඩොලර් 62.29) ක් ලෙස සටහන් විය.

එසේම එක්සත් ජනපදය වෙළඳාම් කරන තෙල් 4.7% කින් පහළ ගොස් ඩොලර් 80.89 ක් ලෙස සඳහන්.

මේ අතර පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සඳහන් කර ඇත්තේ නිල අත්සන් කිරීමේ උත්සවයක් ජුනි 19 වන සිකුරාදා දින ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන බවයි.

එමෙන්ම “තෙල් ගලා යාමට ඉඩ දෙන්න!” ලෙස ට්‍රම්ප් සමාජ මාධ්‍යවල පළ කළ අතර, ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසෙම් ගරිබාබාඩි රාජ්‍ය රූපවාහිනියට දුරකථන ඇමතුමක් ලබා දෙමින් එක්සත් ජනපදය සමඟ ගිවිසුමක් අවසන් කර ඇති බව තහවුරු කළා.

එසේ වුවත් බලශක්ති වෙළඳපොළ විශ්ලේෂණ සමාගමක් වන වැන්ඩා ඉන්සයිට්ස් හි වන්දනා හාරි සඳහන් කළේ එකඟ වී ඇති දේ පිළිබඳ විස්තර නොමැතිකම “වෙළඳපොළට නොසන්සුන්තාව සහ අවිනිශ්චිතභාවය එන්නත් කිරීමට ඉඩ ඇති” බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බින්චුන් ගැන ඔබ අසා ඇති කතාවට වඩා නොඇසූ කතාව විශාලයි!

චෝදනා 28ක්. රුපියල් 84,000ක දඩයක්. අයිස්ක්‍රීම් සන්නාම 21ක්. අලෙවිසැල්...

ශ්‍රී ලංකා රුපියල්වලින් දිගුකාලීන ණය පහසුකම් සපයන්න ලෝක බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කිරීමට...

වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට...

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...