spot_img
spot_img

පුටින්ට විශිෂ්ට ජයක්

අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයකින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය බලය යලිත් තහවුරු කර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාවේ මධ්‍යම මැතිවරණ කොමිසමට අනුව, ඔහුට 87%ක ඡන්ද ප්‍රතිශතයක් තිබූ අතර, 60%ක් පමණ මේ වනවිට ගණන් කර තිබෙන බවට වාර්තා වනවා.

එහි ප්‍රතිඵලය වන්නේ ව්ලැඩිමීර් පුටින්, ජෝසෆ් ස්ටාලින් අභිබවා ගොස් රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවට පත්වීමයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කොමියුනිස්ට් අපේක්ෂක නිකොලායි කරිටොනොව් 4%කට අඩු ප්‍රතිශතයකින් දෙවන ස්ථානයට පත් වූ අතර, නවක අපේක්ෂක ව්ලැඩිස්ලාව් ඩවන්කොව් තුන්වන ස්ථානයට සහ අන්ත ජාතිකවාදී ලියොනිඩ් ස්ලට්ස්කි සිව්වන ස්ථානයට පත් වූ බවයි.

ඡන්ද විමසීම අවසන් වන විට රටපුරා ඡන්දය ප්‍රකාශ කිරීම 74.22% ක් වූ බව මැතිවරණ නිලධාරීන් පවසනවා.

එය 2018 මට්ටම් වූ 67.5% ඉක්මවන බවයි වැඩිදුරටත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

2000 වසරේ සිට රුසියාවේ බලය හොබවන 71 හැවිරිදි ජනාධිපති පුටින් 2004, 2012 සහ 2018 වසරවලදී නැවත තේරී පත්වුණා.

ඒ වසර 4ක ධුර කාල දෙකක් සහ වසර 6ක ධුර කාල දෙකක් ලෙසින්.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...