spot_img
spot_img

රෝහිතගෙන් විජිතට නඩුවක්

කෝප් කමිටුවේ සභාපති ධුරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව කෝප් කමිටුවේ නව සභාපති රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

මාධ්‍ය හමුවකදී අබේගුණවර්ධන මහතා මෙම අදහස් පල කර සිටියා.

“ඉකුත් 14 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග ඔවුන් සාකච්ඡා කළ බවත් ,එහිදී කෝප් කමිටුවේ වර්තමාන සභාපතිවරයා වන තමා දූෂණ චෝදනාවලට මෙන්ම විවිධ චෝදනාවලට ලක්වූ අයෙකු බවත් කියා සිටියා .

මේ වනවිට මට කිසිදු අධිකරණයක නඩුවක් හෝ චෝදනාවක් නැහැ .විජිත හේරත් මහතා සිදු කළ මෙම ප්‍රකාශය පිළිබඳව එන්තරවාසියක් යැවීමට කටයුතු කරනවා .ඉන්පසු අධිකරණ ක්‍රියා මාර්ග ගන්නවා .

ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම මෙම ප්‍රකාශ කරනුයේ ඊර්ෂ්‍යාව නිසයි .කෙනෙකුට චෝදනාවක් කරන විට ඒ පිළිබඳව යම් අවබෝධයකින් කටයුතු කළ යුතුයි .

කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට අයිති එකක් බවට ඔවුන් ගෙන එන තර්කය වැරදියි .ඉතිහාසයේ අවස්ථා කීපයකදීම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙම තනතුර හොබවා තිබෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...