Saturday, April 18, 2026
spot_img
spot_img

උණුසුම් කාලගුණයෙන් කායික සහ මානසික බලපෑම්

පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් කායික මෙන්ම මානසික වශයෙන් බලපෑම් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනයේ කායික වෛද්‍ය විශේෂඥ සරත් ගාමිණි ද සිල්වා ද ප්‍රකාශ කළා.

මේ අතර ඉදිරි දින 10 ක කාලය තුළත් සැලකිය යුතු වැසි තත්ත්වයක් අපේක්ෂා නොකරන බව කාලගුණ විද්‍යාඥයින් පවසනවා.

කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර කියා සිටියේ, මේ හේතුවෙන් ඉදිරියේදී සිරුරට දැනෙන උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි බවයි.

පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ නිවස සිසිල්කර ගැනීම සඳහා රාත්‍රී කාලයේදී ජනෙල් විවෘත කර තබන්නේ නම් සොර සතුරන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

ආරක්ෂිත ක්‍රියාමාර්ග ලෙස ජනෙල්වල වීදුරු පමණක් විවෘත කිරීම, ග්‍රිල් පද්ධතිය ශක්තිමත් කිරීම, දොරවල් අගුලු දමා තිබීම සහ අඳුරු ස්ථානවල විදුලි පහන් දල්වා තැබීම සිදුකළ හැකි බවයි පොලිසිය කියා සිටියේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...