Thursday, June 4, 2026
spot_img
spot_img

ගොවි බිම් ඇතුළු ඉන්ධන අවශ්‍ය වෙනත් ක්ෂේත්‍රයන්ටත් QR කේත ක්‍රමයක්

ගොවි බිම් ඇතුළු ඉන්ධන අවශ්‍ය වෙනත් ක්ෂේත්‍රයන්ටත් QR කේත ක්‍රමයක් කඩිනමින් ආරම්භ කිරීමට ‍ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම් අධීක්ෂණය සඳහා පත්කළ කමිටුවේ අවධානය යොමු වී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

කෘෂිකර්මය, ධීවර කර්මාන්තය ඇතුළු වෙනත් ක්ෂේත්‍ර සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රවලට අදාල රාජ්‍ය නිලධාරීන්ගේ නිර්දේශ මත නිකුත් කළ ලිපියකට ඉන්ධන ලබා දීම වෙනුවට QR කේත ක්‍රමයක් භාවිතා කිරීමේ වැඩපිළිවෙළ කඩිනම්ව ක්‍රියාත්මක කිරීමට මෙම කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුව ඊයේ (27) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුණා.

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී ජනතාවට හිඟයකින් තොරව භාණ්ඩ සැපයීම මෙන්ම භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම වළක්වා ගැනීම ඉලක්ක කර ගනිමින් ඉන්ධන සැපයුම අඛණ්ඩව හා නිසි කළමණාකරණයකින් පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද බිමල් රත්නායක අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...