Sunday, April 19, 2026
spot_img
spot_img

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවයි

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව අභිබවා යමින් කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ. අන්තර්ජාතික වෙළඳපොළ දත්තයන්ට අනුව බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 108.73 දක්වා ඉහළ ගොස් ඇත. මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා තවදුරටත් පැවතීම සහ ගෝලීය තෙල් සැපයුම සීමා වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක තෙල් සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවීමත් සමඟ ඉදිරි දිනවලදී ද තෙල් මිල තවදුරටත් උච්චාවචනය විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි ඉන්ධන ආනයනය කරන රටවල බලශක්ති පිරිවැය ඉහළ යාමට ද සෘජුවම බලපානු ඇත. ගෝලීය බලශක්ති වෙළඳපොළේ පවතින මෙම අස්ථාවරත්වය හමුවේ බොහෝ රටවල් සිය ඉන්ධන සුරක්ෂිතතාව සහ මිල පාලනය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් සිටියි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...