Wednesday, May 6, 2026
spot_img
spot_img

ජේතවන දාගැබේ පැලුම් විවරයන් හතරක්

බුදුරජාණන් වහන්සේගේ “පටිය ධාතුව” තැන්පත් කර ඇති ලොව විශාලතම ගඩොලින් තනන ලද ස්තූපය ලෙස සැලකෙන අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ හතරැස් කොටුවේ සිට පහලට සතර දෙසින් ස්ථූප ගර්භය මැද්දට විහිදී යන පරිදි සිදුව ඇති පිපිරීම් හෙවත් පැලුම් විවරයන් තිබෙන බවට වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතාගෙන් සිදු කල විමසීමකදී ඒ මහතා පවසා තිබෙන්නේ මේ සම්බන්ධව සතිපතා නිරන්තර සොයා බැලීම් සහ පිළියම් කරමින් අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බවයි.

මෙවැනි පිපිරීම් සාමාන්‍යයෙන් සෑම ස්තූපයකම දැකිය හැකි බවත් මෙහි ඇති පිපිරිම් සම්බන්ධව විද්වත් කණ්ඩායමක් සහ ඉංජිනේරුවරුන් පිළියම් සිදු කරන බවත් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

මෙහි පමණක් නොව රුවන්වැලිසෑයේද යම් යම් ඉරි තැලීම් තිබෙන බව සඳහන් කළ මහාචාර්ය මහාචාර්ය ගාමීණී රණසිංහ වසර 2500 ක් පමණ පැරණි ඉතිහාසයක් තුළ මෙවැනි දේ සිදු විය හැකි බවද පවසා සිටියා.

පිපිරීම් ව්‍යූහාත්මක මෙන්ම මතුපිට පිපිරීම් සිදුවන බව පෙන්වා දුන් මහාචාර්වරයා ස්තූපය පුපුරා බිමට කඩා වැටෙන මට්ටමේ කිසිදු තත්ත්වයක් නොමැති බවද පිපිරීම් කිහිපයක් ඇති බැවින් දේශීය විශ්ව විද්‍යාල කිහිපයකින් ඉංජිනේරුවරුන් කණ්ඩායමක් වශයෙන් එකතු වී උපදෙස් ලබා දෙමින් ජලය අභ්‍යන්තරයට යාම වළක්වා ආවරණය ලබාදී තිබෙන බවද අනාවරණය කළා.

වර්තමානයේ ජේතවනාරාම ස්තූපය ඉදිකර ඇත්තේ පැරැණි ව්‍යුහය මත නැවත ගඩොල් තැන්පත් කිරීමෙන්.

මෙම පුපුරා යාම හතරැස් කුටුවේ සිට පහළට සිදුව ඇති අතර, හිඩැස් තුළින් වර්ෂා කාලයට ජලය ඇතුල්වීම සහ වියලි කාලයට ප්‍රසාරණය වීම හේතුවෙන් මේ ස්ථූපයටද මිරිස වැටිය ස්ථූපයට මෙන් අනතුරක් විමේ අවදානමක් පවතින බව බැතිමතුන් පවසනවා.

සංරක්ෂණ කටයුතු සඳහා ඉහළට යා හැකි පරිදි ඉදිකර ඇති යකඩ බට සහිත ස්ථානවලට ගොස් යම් යම් පිරිස් සෙල්පි ඡායාරූප ගන්නා බවට බැතිමතුන් චෝදනා නඟන අතර පුරාවිද්‍යා හා විද්වත් සෘජු මැදිහත්වීමක් ලබාදී තාවකාලික පැලැස්තර විසඳුම් ලබා නොදී ස්ථිරසාර විසඳුමක් මේ සඳහා ලබා දීමට ජනාධිපතිවරයා හෝ මැදිහත් වන ලෙසට ඉල්ලීමක්ද සිදු කරනවා.

මහසෙන් රජ දවස ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේ දී ජේතවනාරාමය ඉදිකර තිබෙන අතර එය උසින් අඩි 400ක් ලෙස සඳහන්.

සංස්කෘතික අරමුදල 1982 වසරේ ආරම්භ කරන ලද්දේ ද ජේතවනය කේන්ද්‍ර කර ගනිමිනි.

මෙම ස්ථූපය ලෝක උරුම ස්ථාන අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගන්නා අතර අවුරුදු සිය ගණනක් වල් බිහි වී තිබූ ස්ථූපය සංරක්ෂණය, කර 2009 වසරේදී ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා ජනතා අයිතියට පත් කර තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...