spot_img
spot_img

රජයේ වැඩසටහනකට දැඩි විරෝධයක් – අධිකරණ ක්‍රියාමාර්ගයකටත් සැරසෙයි

ආණ්ඩුව මඟින් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහනට සිය විරෝධය පළ කරන බව ඉලංගෙයි තමිල්අරසු කච්චි පක්ෂය ප්‍රකාශ කරයි.

ඒ අනුව එහි මාධ්‍ය ප්‍රකාශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් සඳහන් කරන්නේ, මෙය පක්ෂයක් මූලික කරගෙන සිදු කෙරෙන ක්‍රමවේදයක් බවයි.

එසේම ඔහු සඳහන් කළේ එය රාජ්‍ය යාන්ත්‍රණයට සමාන්තරව ක්‍රියාත්මක කෙරෙන බවත් එය වැරදි පූර්වාදර්ශයක් බවත් ය.

තවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජනතා ඡන්දයෙන් තේරී පත් වූ පළාත් පාලන නියෝජිතයින් විසින් සිදු කළ යුතු සංවර්ධන කටයුතු ප්‍රජා ශක්ති වැඩසටහන තුළින් සිදු කරමින් එම ආයතනවල කටයුතුවලට බාධා කරන බවයි.

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඊට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...