spot_img
spot_img

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට නඩු 3ක් ගොනු කරයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, ඇතුළු පවුලේ සාමාජිකයන්ට විරුද්ධව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බව අල්ලස් කොමිසම අද (16) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව අඳාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හැර සෙසු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු තුනක් ගොනුකර ඇති බවයි.

එබැවින් මෙම නඩුකරය තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් නඩුකර බහා තබන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා ඇත.

එබැවින් එම නඩු බහා තැබීමට අධිකරණය නියම කර තිබෙනවා. ජනමාධ්‍ය සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප් හා දීමනා ලබා ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට සඳහන් කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට විරුද්ධව අල්ලස් කොමිසම මඟින් මෙම විමර්ශනය සිදු කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...