පාර්ලිමේන්තුව තුළ, ගණදෙවියන්ගේ පිළිමයක් තැබුවහොත් තමාට පහර දී මරා දමනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ආවේගශීලී ප්‍රකාශයක් සිදු කළා.
ඔහු වැඩිදුරටත් චෝදනා කළේ, උතුරේ ජනතාව ජාතික ජන බලවේගය විශ්වාස කර ඡන්දය දුන්නද, වත්මන් ආණ්ඩුව සිංහල ජාතිවාදය පදනම් කර ගනිමින් දෙමළ ජනතාවට අසාධාරණකම් කරන බවයි.
අමාත්‍ය බිමල් රත්නායක මහතා උතුරු-නැගෙනහිර ජනතාව ජාතිවාදීන් ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රී අර්චුනා මහතා, ආණ්ඩුව දෙමළ සහ මුස්ලිම් ජනතාව බෙදා වෙන් කර පහර දෙන බවට එහිදී චෝදනා කළා.
තමා සිංහල හමුදා සෙබළියන්ව ‘සෙබලියන්’ යැයි නොව ‘රණවිරුවන්’ ලෙස හැඳින්වූ බව සඳහන් කළ ඔහු, අමාත්‍ය බිමල් රත්නායක මහතා ජාතියක් වෙනුවෙන් සටන් කළ නායකයාව සහ සෙබළුන්ව ‘කුඩු විකුණුවා’ යැයි පැවසීම හෙළා දකින බව අර්චුනා රාමනාදන් මහතා පවසනවා.
දෙමළ ජනතාවට එල්ල වූ පීඩාවන් හේතුවෙන් එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සටන් කළ බව මන්ත්‍රීවරයා පෙන්වාදෙනවා.
තමා සිංහල ජනතාව සමඟ එකමුතුව සිටින බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, තම ජාතියේ නායකයා ලෙස ප්‍රභාකරන්ව නම් කිරීමට බිය නොවන බවද දැඩි ආවේගයෙන් කියා සිටියා.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අර්චුනා රාමනාදන් මහතා :
“මම සිංහල ජනතාවත් එක්ක එකමුතුව ඉන්න මිනිහෙක්. මම දකුණට ගිහින් ජන්දේ ඉල්ලුවත් මම දිනනවා. මට පුළුවන් සිංහල ජනතාව එක්ක ජිවත් වෙන්න. හැබැයි මෙතන ඉන්න එක සිංහල කෙනෙක්ට උතුරේ ඇවිත් ජිවත් වෙන්න පුලුවන්ද? බෑ. එක තමයි ඔයාලගේ සිංහල ජාතිවාදේ. මම ආයෙත් කියනවා එයා මගේ නායකයා, මගේ දෙවියා, දෙවියා, දෙවියා. මේක මාව මැරුවත් ගිනි තිබ්බත් වල දැම්මත් අලුවෙලා හරි නැගිටලා කියනවා.
උතුරේ ජනතාව ජාතික ජන බලවේගය හා ජනපති අනුර කුමාර විශ්වාස කරලා ජන්දේ දැම්මා.ඒකට මේ මිනිස්සු මොකක්ද කරේ? මේ ආණ්ඩුව සිංහල හමුදා සෙබළියන්ව සෙබලියන් කියද්දී මමයි ඔවුන්ව රණවිරුවන් කිව්වේ.ඒත් ඔයාලා මොකද කරේ බිමල් රත්නායක ඇමතිතුමා මොකක්ද කිව්වේ ජාතියක් වෙනුවෙන් සටන් කරපු නායකයාව සහ සෙබළුන්ව කුඩු විකුණනවයි කිව්වා.කෝ මේ දෙමල කතා කරන දෙමල මුස්ලිම් මන්ත්‍රීවරු සද්දයක් නෑනේ. මගේ පපුව රිදෙනවා ඔයාලා දෙමල ජනතාව පීඩාවට පත් කරා මෙරිට් කෝටා එක නැති කරලා අපිට කැම්පස් යන්න දුන්නෑ. එහෙම පීඩාවට ලක්වුණු ජනතාව වෙනුවෙන් තම වේලුපිල්ලේ ප්‍රභාකරන් සටන් කරේ.අවුරුදු 30ක් ගොඩනගපු දෙයක් ඒක.
දැන් කවුද අර බුදුපිලිමේ එතන තිබ්බේ හරි දැන් මම හෙටම ගණ දෙවි පිළිමයක් පාර්ලිමේන්තුවේ ගෙනත් තියන්නද? පුලුවන්ද මට ඔයාලා ගහයි. උතුරේ නැගෙනහිර ජනතාවට මේ රජය අසාධාරණකම් කරනවා.ඔයාලා හැමදාම මොකක්ද කලේ දෙමල මුස්ලිම් මිනිස්සුන්ට ගහලා ගහලා ගහලා පැත්තකට කරා. මුස්ලිම් මනුස්සයගේ අතට ආයුධේ දෙනවා දෙමල මිනිහට ගහන්න.දෙමල මිනිහගේ අතට ආයුධේ දෙනවා මුස්ලිම් මිනිහට ගහන්න.මගේ වීරයා ජාතියක් වෙනුවෙන් සටන් කරපු නායකයටයි ඒ මිනිස්සුන්ටයි කුඩු විකුණුවා කියලා බොරු ගහනවා.මම ආයෙත් කියනවා එයා මගේ නායකයා මගේ දෙවියා දෙවියා දෙවියා. මේක මාව මැරුවත් ගිනි තිබ්බත් වල දැම්මත් අලුවෙලා හරි නැගිටලා කියනවා.ඒ මගේ ජාතියේ නායකයා .ඒ වගේම තමුසෙලගෙ හිතේ වෛරය සිංහලයා කියන වෛරය. විශ්වාස කරලයි උතුරේ ජනතාව ඔයාලව පත් කරේ.ආයේ චන්දෙ ඉල්ලලා බලන්නකෝ අම්මගේ කිරි බීපු එකෙක්වත් චන්දේ දාන්නේ නෑ.බල්ලොන්ගේ කිරි බීපු එකෙක්නම් චන්දෙ දායි”




