spot_img
spot_img

7ක් මරා රටේ සංචාරක කර්මාන්තය අහවර කිරීමට ආ වෙඩික්කරු අත්අඩංගුවට

දකුණු පළාතේ වැලිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරුවෙකු ඇතුළු පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමේ අරමුණින් පැමිණි බවට සැකකෙරෙන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩික්කරු සහ තවත් පුද්ගලයෙකු මෙම ඝාතනය සිදුකිරීමේ අරමුණින් ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව පොලීසිය විසින් එම ස්ථානය වැටලීමේදී එක් සැකකරුවෙකු පැන ගොස් තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදීය.

අත්අඩංගුවට පත්වූ වෙඩික්කරු බවට සැලකෙන පුද්ගලයා සන්තකයේ තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ ඔහු භාවිතා කළ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත. පැන ගිය පුද්ගලයා සතුව රිවෝල්වරයක් සහ අත් බෝම්බයක්ද තිබී ඇති බව සඳහන්.

පොලිස් ප්‍රශ්නකිරීම් වලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයින් දෙදෙනා අදාල හෝටලයට ගොස් වෙඩි තබා බෝම්බ ගසා ව්‍යාපාරිකයා ඇතුළු ඔහුගේ පවුලේ 7 දෙනෙකු සමූල ඝාතනයට සැලසුම්කර තිබී ඇති බවයි.

මෙම ඝාතන සැලසුම සිදුකර ඇත්තේ ඩුබායි හි සැඟවී සිටින ‘ආමි චූටි’ නැමති පුද්ගලයා විසින් වන අතර, ‘ආමි චූටි’ නැමැත්තා ‘පානදුර සලිඳුගේ’ ගෝලයෙකු බව පැවසෙයි.

මෙම සංචාරක හෝටලය කාමර 200කින් පමන සමන්විත විශාල සංචාරකයින් ප්‍රමාණයක් රැඳී සිටින ස්ථානයක් වන බැවින්, මෙම බරපතළ සිදුවීම වලක්වා ගැනීමට පොලිස්පතිවරයා සහ ජනාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ මෙහෙයුම සිදුව ඇති බවත් පැවසෙයි.

යම් හෙයකින් මෙම සමූල ඝාතනය සිදුවූයේනම් එය මෙරට සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් ඇති කරනු ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...