spot_img
spot_img

නාමල් නීති උපාධිය ගත්ත හැටි ඇමති නලින්ද හෙළිකරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ එංගලන්ත නීති උපාධි සහතිකයේ සැක සහිත තැන් සම්බන්ධයෙන් වෙබ් අඩවි ගණනාවක් කරුණු ඉදිරිපත් කර ඇති බවත් එම වෙබ් අඩවි පළ කර ඇති තොරතුරු වාර්තා තමා සභාගත කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස :

“මන්ත්‍රී නාමල් රාජපක්ෂ එංගලන්තයේ නීති උපාධිය ගත් ආකාරය ගැන වෙබ් සයිට් ගණනාවක ලිපි පළවෙලා තියෙනවා. එම සහතිකය ඔහු ඉදිරිපත් කරලා තියෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. එම උපාධි සහතිකය නිකුත් කරල තියෙන්නේ 2009 සැප්තැම්බර් (15).

නමුත් ඒ උපාධි සහතිකයට අත්සන් කරපු උප කුලපතිවරයා ජුලි (23) වැනිදා ඉල්ලා අස්වෙලා තියෙනවා. උපකුලපතිවරයා ඉල්ලා අස්වී දින 54කට පස්සේ තමයි උපාධි සහතිකයේ උපකුලපති ලෙස අත්සන් කරන්නේ. මේ නිසා ඒ උපාධි සහතිකය ගැන බරපතල ප්‍රශ්නයක් මාධ්‍ය ප්‍රශ්න කරනවා.

සිටි යුනිවර් සිටි ලන්ඩන් ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලියාපදිංචි වෙලා තියෙන්නේ 2009 ඔක්තෝබර් (15). නමුත් මේ ආයතනයෙන් උපාධිය ගත්තා යැයි කියන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමට ඉල්ලලා තියෙන්නේ 2009 සැප්තැම්බර් (25).

අයදුම්පත දැම්මට පස්සේ නීති විද්‍යාලයේ එක බාර අරගෙන තියෙනවා. අයදුම්පත භාර දෙනකොට ශ්‍රී ලංකා නීති විද්‍යාලය එම විශ්ව විද්‍යාලය පිළිඅරගෙන තිබුණේ නෑ. ඒක පිළිඅරගෙන තියෙන්නේ ඔක්තොම්බර් (15). මේ ගැනත් ඒ වාර්තා ‌වල අවධානය යොමු කරලා තියෙනවා.

උපාධි සහතිකයේ සඳහන් වන අන්දමට ඔහුට තියෙන්නේ තුන්වෙනි පන්තියේ උපාධියක්. එම තුන්වෙනි පන්තියේ උපාධියක් අරගෙන එක්සත් රාජධානියේ නීතිඥ මණ්ඩලයට ඇතුළත් වෙන්න බැහැ කියලා සඳහන් වෙලා තියෙනවා. මීට අදාළව තිබෙන සියලු ලියැකියවිලි මම සභාගත කරනවා.

මම බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මේ ගැන ප්‍රකාශයක් කරාවි කියලා බලාපොරොත්තු වෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...