Sunday, April 19, 2026
spot_img
spot_img

ඓතිහාසික කැබිනට් තීන්දුවක්දු – ම්රිය ඉතිහාසයේ වෙනසක් කරන්න අනුමැතිය

දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අනුව දුම්රි එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමට අනුමැතිය හිමිව තිබුණා.

දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වාම එන්ජින් රියදුරු, දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති යන තනතුරු සඳහා පිරිමි නිලධාරීන් පමණක් බඳවා ගනු ලැබි ඇති අතර අධීක්ෂණ කළමනාකරු තනතුරු සඳහා 2012 සහ 2015 වසරවල පමණක් කාන්තා නිලධාරීන් බඳවා ගෙන තිබෙනවා.

රජයේ නව ආර්ථික ප්‍රතිපත්ති අනුව රාජ්‍ය අංශයේ මෙතෙක් බඳවා නොගත් තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසා දීමට කටයුතු කරමින් පවතින අතර ඒ අනුව වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව දැනට අනුමත බඳවා ගැනීම් පටිපාටිය තුළ කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට ප්‍රතිපාදන සැලසී නොමැති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 ව්‍යවස්ථාවේ අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව ඉහත තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමට තීරණය කර තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...