spot_img
spot_img

ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනයට අනුමැතිය

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ශ්‍රී ලංකාව තරගකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම පිණිස විනිවිඳභාවය සහ පුරෝකථනය කළ හැකි තීරුබදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඉලක්ක කරගත් ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සඳහා 2024.06.11 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.

රජයේ ප්‍රතිපත්ති සංශෝධනයන්ට අනුව, ඇතැම් බදු නීති සමඟ අනුකූලතාවය සහතික කිරීම සඳහා සහ අවිනිශ්චිතතා මග හැරවීම සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්තියේ ඇතැම් විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව විසින් හඳුනා ගනු ලැබ ඇත.

ඒ අනුව හඳුනාගනු ලැබු සංශෝධනයන් මත පදනම්ව ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...