spot_img
spot_img

ශ්‍රී ලංකාව ලොව දූෂිතම රටවල් අතර පෙරමුණේ

ට්‍රාස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ලොව රටවල් 180ක දූෂණය පිළිබඳව නිර්ණායකයක් ආස්‍රයෙන් සකස් කර ඇති ලැයිස්තුවක ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයේ පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.

එම ලැයිස්තුවේ අවම දූෂණයක් සහිත රට අංක එක නම් දූෂණය වැඩිම රට අංක 180 ලෙස නම් කරනා බව හෙතෙම පැවසීය.

මෙරට ජීවත්වෙන බොහෝ මිනිසුන් අවංක නොමැති බව පෙන්වාදුන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රටේ දූෂණය ඉහළ යෑමට එය ප්‍රධාන හේතු සාධකයක් බවද ප්‍රකාශ කළේය.

නව දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් උතුරු මැද පළාතේ රාජ්‍ය ආයතන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංග දිසානායක මහතා,

සමහර ආයතනවලින් අද සල්ලි නොදී වැඩ කරගන්න බැහැ. අල්ලසට ලේබල් වැදිච්ච අායතනත් දේශන තියන්න එන්න කියනවා. මං ඇහුවා මොකටද එන්න කිව්වේ කියලා. අල්ලස් ගත්තම වෙන්නෙ මොනවද කියලා දන්නේ නැද්ද කියලා අැහුවා. ඒ නිසා මගේ දේශනා අනවශ්‍යයි කිව්වා. තමන් ගෙදර ගිහිල්ලා රෑට නිදාගත්තම මොකද කළෙ කියලා හිතා බලන්න කියලා කිව්වා. කීයක් ගත්තද. කාගෙන්ද ගත්තේ කියල හිතන්න කියලා.

මීට මාස තුන හතරකට ඉස්සෙල්ලා මෝටර් රථ පවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුගේ කබඩ් එකේ තිබිලා ලක්ෂ 41ක් හොයා ගත්තා ගත්තා. ඒ සතියේ අල්ලසේ කලෙක්ෂන් එක, මේ ඔක්කොම සිකුරාදට බෙද‍ා ගන්නවා. කෝ ඒ ඒකකයේ දූෂණ විරෝධීන්. ඒක තමයි මේකෙ ඇත්ත තත්වය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...