spot_img
spot_img

රේගුවෙන් සුපිරි ආරංචියක් – ආදායම ට්‍රිලියන 02 ඉක්මවයි

ශ්‍රී ලංකා රේගුව මඟින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම ඊයේ (30) සවස වන විට රුපියල් ට්‍රිලියන දෙකේ කඩඉම ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කළේ 2025 වසර සඳහා ලැබී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 2.115 වෙත ශ්‍රී ලංකා රේගුව සාර්ථකව ළඟා වෙමින් ඇති බවයි.

මේ අතර රජයේ බදු ආදායම් එකතු කරන දෙපාර්තමේන්තුව වසරකදී එකතු කරන ලද වැඩිම ආදායම සනිටුහන් කරමින් රේගුව මෙම වාර්තාගත ආදායම උපයා තිබෙන බව පවසනවා.

ලැබූ ආදායම්වලින් රුපියල් බිලියන 630ක්ම මෝටර් රථවලින් උපයාගෙන ඇති බවද සඳහන්.

මේ අනුව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ මෙම වසර අවසන් වන විට ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 300ක් පමණ අතිරේකව එක්රැස් කරගැනීමට හැකිවන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...