spot_img
spot_img

දිස්ත්‍රික්ක දොළහක දරුණු රෝගයක් පැතිරිලා

මේ වන විට මෙරට දිස්ත්‍රික්ක දොළහක මී උණ (Leptospirosis) ව්‍යාප්ත වීමේ වැඩි අවදානම් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (10) රැස්වූ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව මී උණ රෝගය සඳහා 2024 වසරේ සිට මේ දක්වා රෝහල්ගතව ඇති රෝගීන් සංඛ්‍යාව 21,963ක් වන අතර, වාර්තා වූ මරණ සංඛ්‍යාව 2024 වර්ෂයේ 286ක් බවත් ඔහු ප්‍රකාශ කළා.

එහිදී, මී උණ ව්‍යාප්තිය සඳහා අධි අවදානම් සහිත ප්‍රදේශ ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක වශයෙන් ගාල්ල, රත්නපුර, කළුතර, කෑගල්ල, කුරුණෑගල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, ගම්පහ සහ මොණරාගල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම, රෝගය පාලනය කිරීමට අවශ්‍ය වන ඩොක්සිසයික්ලින් (Doxycycline) නම් ඖෂධය රට තුළ ප්‍රමාණවත් තරම් ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

මී උණ පාලනය සඳහා මසකට ඩොක්සිසයික්ලින් පෙති 10,000ක් අවශ්‍ය වන බවත්, දැනටමත් මාස තුනකට අවශ්‍ය තොග ගබඩා කර ඇති බවත්, තවදුරටත් මාස නවයකට අවශ්‍ය ඖෂධ තොගයක්ද ඉදිරියේදී ලැබීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පිළිතුරු දෙමින් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...