රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමන්ව ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිය නීතිඥවරු මාර්ගයෙන් අද (15) කොළඹ මහාධිකරණය හමුවේ ප්රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත සිටින තමන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට මහෙස්ත්‍රාත්වරිය දුන් තීන්දුව නීතියට පටහැනි බව එම ඇප ආයදුම්පත තුළින් රඹුක්වැල්ල මහතා කියා සිටිනවා.
ඒ අනුව තමන්ව ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රඹුක්වැල්ල මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා ඇප මත මුදා හැරීම ඊයේ (14) දින ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඔහු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.




