SURE DEAL නමින් පන්නිපිටියේ පවත්වාගෙන යනවෙලදපොලේ ඇති හොදම වායු සමීකරන නමින් මවාපාමින් සිදුකරන පාරිභෝගික විශ්වාසය කඩකිරීමක් පිලිබදව අපට වාර්තා වනවා.
පන්නිපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම වායු සමීකරන විකිණීමේ ජාවාරම මිනිසුන් මුලා කරන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාරද යවමින්.
පාරිභෝගිකයෙකු වෙළද සැලකින් භාණ්ඩයක් මිලදී ගන්නේ ඔවුන්ගේ සේවාව සහ වගකීම පිලිබදව සොයා බැලීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත් ඔවුන් පොරොන්දුවන සේවාව කිසිදු ලෙසකින් හෝ ඔවුන් නිසයාකරව ලබාදෙන්න නැහැ.
එය තනිකරම පාරිභෝගිකයින් මුලා කිරීමක් වනවා.
විශේෂයෙන්ම අලෙවියෙන් පසුවද ලබාදෙන සේවාව පිලිබදවද සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාරණයන් දියත් කලද
කසිදු අවස්ථවක ඔවුන් අලෙවියෙන් පසු සේවාවන් කිසිදු අයුරකින් හෝ ලබාදීමට කටයුතු කරන්නේ නැහැ.
SURE DEAL අලෙවියෙන් පසු සේවාව ලබාදෙන බව පැවසුවද ඒ පිලිබදව මාස ගණනක් තිස්සේ ඔවුන්ගෙන් දුරකතනයෙන් විමසුවත් විවිධ බොරු පවසමින් සිය සේවාව පැහැදිලිවම පැහැර හරිම මොවුන්ගේ ස්වභාවයයි.
මේ පිලිබදව දිගින් දිගටම ඔවුන්ගේ face book පිටුවේ මේ පිලිබදව දැනුම්වත් කර විට ඔවුන් ගන්නා එකම ක්‍රියාමාර්ගය අදාළ දැනුම්වත් කිරීම සිදුකරන face book Profil බ්ලොක් කිරීමයි.
එපමණක් නොව ඔවුන්ට දුරකථන ඇමතුම් ලබදුනද ඔවුන් දුරකතනයට ප්‍රතිචාර නොදීමට පසුව වගබලා ගන්නේ පාරිභෝගික විස්වාසය කඩකරමින්.
මුල් අවස්ථාවලදී දුරකතනයට ප්‍රතිචාර දැක්වුවත් එවිට කරන්නේ විවිධ හේතු පවසමින් පාරිභෝගිකයින් මුලා කිරීමයි.
පාරිභෝගිකයින් මුලාකිරීමට අදාළ සාක්ෂි වලින් කොටසක් මෙම සුවිශේෂී හෙළිදරව්ව හරහා අප එක්කරනු ඇත.
පාරිභෝගිකයින් මුලා කරමින් සිදුකරන මෙවැනි වංචාව පිලිබදව පාරිභෝගික සේවා අධිකාරියෙද සොයාබැලිය යුතුව ඇත.
වගකිවයුතු මාධ්‍යක් ලෙස අප මේ පිලිබදව SURE DEAL ආයතනය පැත්තෙන් 070 666 0160 / 075 296 1942 යන ඔවුන්ගේ දුරකතන අංක ඔස්සේ විමසීමට උත්සහ කලද ඔවුන් දුරකතනයට සම්බන්ධ වුයේ නැහැ.









