අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල් සිසුන් ප්‍රවාහනය කරන සියලු වාහනවලට නව මාර්ගෝපදේශ හා රෙගුලාසි මාලාවක් පැනවීමට තීරණය කර ඇත.
ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යංශය සමග ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.
පාසල් සිසුන්ගේ සුරක්ෂාව වෙනුවෙන් මෙම විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.
පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන තත්ත්වය පිළිබඳව නිසි නිර්ණායක සම්පාදනය කිරීමටත් එම නිර්ණායක දැඩිව ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.




