හිරු මාධ්‍ය ජාලය මගින් “අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත් !” යන ශීර්ෂය යටතේ සාවද්‍ය පුවතක් පළ කිරීම සම්බන්ධව එහි සභාපති රෙනෝ සිල්වා වෙත හා අනෙකුත් සියලු ම මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත අග්‍රමාත්‍ය කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනව.
ඒ ඊයේ එනම් 2025.08.25 දින හිරු ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියේ, ප්‍රවෘත්ති නිල මුහුණු පොතෙහි සහ අනිකුත් හිරු මාධ්‍ය ජාලයන්හි පළ කර ඇති සාවද්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙනුයි.
අග්‍රමාත්‍ය කාර්යාලය පවසන්නේ මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් ම සාවද්‍ය බවත් මාධ්‍ය සදාචාරයට පටහැනි ප්‍රවෘත්ති මාධ්‍ය තුල පළ කිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවයි.
එමෙන්ම මෙම ප්‍රවෘත්තිය වහාම නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස අග්‍රමාත්‍ය කාර්යාලය විසින් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා වෙත දන්වා තිබෙනවා.




