spot_img
spot_img

අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතාට ජීවිත තර්ජන

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතාගේ ජීවිතයට සිදුවිය හැකි යම් කිසි තර්ජනාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බව වාර්තා වෙනවා.

අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පැවති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අතර මින් පෙර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තීරණාත්මක නඩු කටයුතු රැසක් සම්බන්ධයෙන්ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියා.

පසුගිය 22 දා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීමේදී අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතාට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආධාර කරුවන් විසින් විවිධ තර්ජනාත්මක මෙන්ම අපහාසාත්මක ප්‍රකාශයයන් සිදුකළ බවද වාර්තා වෙනවා.

නඩු කටයුතු අවසන් වීමෙන් පසු ආරක්ෂක හේතූන් මත ඔහුට අධිකරණ භූමියෙන් පිටවීමට නොහැකිව රැඳී සිටි බවද වාර්තා වෙනවා.

කෙසේවෙතත් ඩුබායි හි රැඳී සිටිනා කණ්ඩායමක් විසින් අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතාගේ ජීවිතයට යම් හානියක් කිරීමට සැළසුම් කරමින් සිටිනා බවට පොලිස්පතිවරයාට තොරතුරු ලැබී තිබෙව්නවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...