හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව අප්‍රසාදය පළ කරමින් සහ ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලමින්, නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමේ සටහනක් තබා ඇත.
එහිදී ඔහු පවසා ඇත්තේ, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.
එසේම, 2022 දී ශ්‍රී ලංකාව ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ රට බේරා ගැනීමට නැගී සිටි නායකයා රනිල් වික්‍රමසිංහ බවත්, ඔහුට එරෙහි චෝදනාවලට කිසිදු පදනමක් නොමැති බවත් ඔහු එම සටහනේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා රජයේ දූෂණ විරෝධී ව්‍යාපාරයට තමන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන නමුත්, සැබෑ ගැටළු කෙරෙහි අවධානය යොමු කරන ලෙස එරික් සෝල්හයිම් වැඩිදුරටත් ඉල්ලා සිටී.




