spot_img
spot_img

“බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට” – වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ

කොළඹ ජාතික රෝහලට අද සවස ඇතුළත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බාහිර රෝගී අංශයේ හදිසි ප්‍රතිකාර ඒකකය (ETU) වෙත යොමු කළ බව කොළඹ ජාතික රෝහල තහවුරු කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ පවසන්නේ “ඔහුගේ වයස නිසා ඔහුගේ රුධිර පීඩනය තරමක් ඉහළ ගොස් තිබුණත් පූර්වාරක්ෂාවක් ලෙස අපි ඔහුව දැඩි සත්කාර ඒකකයට මාරු කළා පමණයි” යනුවෙනි.

“ඔහුගේ තත්ත්වය බරපතළ නැහැ” වෛද්‍ය විජේසිංහ වැඩිදුරටත් පැවසීය.

ඔහු හෘද රෝග තත්ත්වයෙන් පෙළෙන බැවින් ඒ සම්බන්ධව ද දැඩි අවධානය යොමු කර ඇතැයි පවසන අතර හිටපු ජනාධිපතිවරයාගේ තත්ත්වය සාමාන්‍ය අතට පත් වූ වහාම ප්‍රභූවරුන් වෙනුවෙන් වෙන් කර ඇති ගෙවන අංක 15 ගෙවන වාට්ටුවට යොමු කිරීමට සූදානම් කර ඇති බවය.

තව දුරටත් ප්‍රතිකාර අවශ්‍ය නම් ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකය සූදානම් කර ඇති බව ද එම විශේෂ ආරංචි මාර්ග ද තහවුරු කළේය. හිටපු ජනාධිපතිවරයාට පපුවේ වේදනාවක් ඇති වී තිබෙන බවත්, රුධිර පීඩන මට්ටම අඩු නොවන බවත්, විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක විශේෂ අධීක්ෂණය යටතේ ඔහු ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.

කෙසේවෙතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අධි රුධිර පීඩන තත්ත්වය හේතුවෙන්, අධිකරණ අවසරය ඇතිව ඔහුව සිංගප්පූරුවට ගෙන යන ලෙස එක්සත් ජාතික පක්ෂය උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...