spot_img
spot_img

නීතියට පිටින් – EPF නොගෙවන ආයතන 23,000ක් ගැන හෙලිදරව්වක්

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ලියාපදිංචි නොවී, සේවකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ETF පමණක් ලියාපදිංචිව සිටින ආයතන සංඛ්‍යාව මේ වන විට 23,000කට ආසන්න බව කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

පසුගිය වසර අවසානය වන විට මෙම සේවායෝජකයන්ගෙන් සේවකයන්ගේ භාර අරමුදලට ලැබී තිබූ දායක මුදල රුපියල් පනස් කෝටි පනස් ලක්ෂකක් බව එම මාර්ග සඳහන් කරයි.

මෙම ආයතන EPF හි ලියාපදිංචි නොවන්නේ සේවකයන් වෙනුවෙන් වැඩි මුදලක් දායක මුදල් ලෙස ගෙවීමේ හැකියාව තිබීම නිසා බවත්, සේවකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයට බැර කෙරෙන්නේ සේවක වැටුපෙන් අය කරන සියයට තුනක ප්‍රතිශතය පමණක් වන අතර, එය සඳහා සේවායෝජකයන්ගෙන් කිසිදු මුදලක් යෙදෙන්නේ නැති බවත් ඔවුන් පැවසීය.

පසුගිය වසර අවසානය වන විට එලෙස ලියාපදිංචි නොවූ ආයතන සංඛ්‍යාව විසි දෙදහස් හත්සිය හැට හතරක් බව ජාතික විගණන කාර්යාලයේ පරීක්ෂණයකින් හෙළිවී ඇත.

ඒ අතරින් සේවකයන් දහයක් දක්වා සේවය කරන ආයතන විසි දෙදහස් දෙසිය හතළිස් හයක් වන අතර, ආයතන පන්සිය දහඅටක සේවකයන් 10 සිට 254 දක්වා සංඛ්‍යාවක් සේවය කරති.

වසර ගණනාවක් තිස්සේ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර, EPF හි ලියාපදිංචි වීම පැහැර හැර සිටින සේවායෝජකයන් හඳුනාගෙන ලියාපදිංචි කරගැනීමේ නිසි වැඩපිළිවෙළක් සකස් නොකිරීම ගැන ජාතික විගණන කාර්යාලය සේවක අර්ථසාධක අරමුදලට චෝදනා එල්ල කර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...