spot_img
spot_img

Breaking: හිටපු ජනපති රනිල් අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබා දිම සඳහා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි ප්‍රකාශයක් ලබාදිමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනිම සිදුව තිබුණා.

ඒ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් වන විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල එම සංචාරය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පුද්ගලයින් දස දෙනෙක් මෙම සංචාරයට ගොස් ඇතැයිද වාර්තා වෙනවා.

අදාළ විමර්ශනයට මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගත්තා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...