spot_img
spot_img

අනුර ප්‍රියදර්ශන යාපා ඇතුලු 06කට අධි චෝදනා භාරදෙයි

ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 6,146,110ක මුදලක් සාපරාධී, සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුලු 06 දෙනාට විවෘත අධිකරණය හමුවේ අධි චෝදනා භාර දීමෙන් අනතුරව ඇප මත මුදා හැරුණා.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ මෙලෙස අධි චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරණා.

2014 වසරේ දෙසැම්බර් මස 26 වනදාත්, 2015 වසරේ ජනවාරි මාසයත් අතර කාලය තුළ නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරමින් ගංවතුර සහනාධාර සදහා රුපියල් 6,146,110 ක මුදලක් වැයකරමින් එකී මුදල් සාපරාධී, සාවද්‍ය පරිහරණය ඇතුලු අධි චෝදනා 05 ක් යටතේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ එවක සභාපතිවරයා ඇතුලු විත්තිකරුවන් 06 දෙනාට චෝදනා ගොනු කර තිබුණා. මෙහි පූර්ණ නඩු විභාග සම්මන්ත්‍රණය ඔක්තොම්බර් මස පළමුවනදා පැවැත්වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...