Monday, April 20, 2026
spot_img
spot_img

නව විදුලිබල පනත යටතේ මණ්ඩලය විකිණීමේ ටෙන්ඩරයක්

වර්තමාන ආණ්ඩුව සම්මත කිරීමට සූදානම් වන විදුලි පනත, පනතක් ලෙස හඳුන්විය නොහැකි බවත්, එය ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විකිණීමට සකස් කළ ටෙන්ඩරයක් බවත් ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු මාද්දුගොඩ ගමගේ මහතා ඊයේ(13) පැවසුවා.

ඔහු මේ බව කියා සිටියේ, මෙම පනතට විරෝධය පළ කරමින් කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය. ගමගේ මහතා පෙන්වා දුන්නේ, විදුලි පනතේ පළමු පිටුවේ 1969 අංක 17 සහ 2009 අංක 20 දරණ විදුලි පනත් පරිච්ඡින්න කිරීම ලෙසත්, දෙවැනි පිටුවේ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත කිරීම හා රාජ්‍ය-පුද්ගලික හවුල් ව්‍යාපාර පිළිවෙත් ලෙසත් සඳහන් වන බවයි.

ඔහු අවධාරණය කළේ, මෙම පනතේ පළමු පිටුවෙන්ම විදුලිබල මණ්ඩලය විකිණීමේ සැලැස්ම පැහැදිලි වන බවයි. එමෙන්ම, පනතේ සියලුම පිටුවල 2007 සමාගම් පනත යටතේ සමාගම් නිර්මාණය, කොටස් බෙදාහැරීම, පරිපාලන ලියාපදිංචි කිරීම් සහ ප්‍රතිපත්ති සැකසීම ආදිය පිළිබඳ විස්තර ඇතුළත් බවත්, මෙය මහජනතාව සහ විදුලි සේවකයන් රැවටීමේ උත්සාහයක් බවත් ගමගේ මහතා චෝදනා කළේය.

ඔහු තවදුරටත් පැවසුවේ, 2002දී රංජන් ජයලාල් මෙවැනි විදුලි පනතකට එරෙහිව ගිනි තබා, පාර්ලිමේන්තු බලය ලබාගෙන, අවසානයේ කඩුවෙල නගරාධිපති බවට පත්වූ බවයි. එවැනි ආණ්ඩුවක් ගෙනා පනතක් වර්තමාන ආණ්ඩුව “එහෙම්පිටින්ම” ක්‍රියාත්මක කරන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක පවා විදුලිබල මණ්ඩලය කොටස්වලට බෙදීමේ හේතුව නොදන්නා බවත් ඔහු පෙන්වා දුන්නේය.

විදුලි ආනයනය පිළිබඳ පනතේ සඳහන් වුවත්, රට තුළ ප්‍රමාණවත් විදුලි බලය ඇති බැවින් එවැනි අවශ්‍යතාවක් නොමැති බවත් ගමගේ මහතා අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, 2024 අංක 36 දරණ විදුලිබල පනත “ගිනි තබනවා” යැයි පවසමින්, විදුලිබල මණ්ඩලයේ සේවකයන් 22,000ක ඡන්දවලින් 98%කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන බලයට පැමිණි ජනාධිපතිවරයා සහ මන්ත්‍රීවරු, දැන් එම පනත සම්මත කිරීමට සූදානම් වන බවයි.

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, එය ප්‍රතිව්‍යුහගතකර, කළමනාකරණය වැඩිදියුණු කර, සේවකයන්ට සහ පාරිභෝගිකයන්ට ලාභ ලබන ආයතනයක් බවට පත්කළ හැකි බවත් ගමගේ මහතා සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුවට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යාල සේවා සමිති සංගමයේ සභාපති රසික විජේසිංහ මහතා ද සහභාගි විය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...