Thursday, June 4, 2026
spot_img
spot_img

සජිත්ට පාර්ලිමේන්තුවේ වෙලාව ඕනෑ – කථානායකට එරෙහිව විපක්ෂය ජිනීවා යයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට කථානායකවරයා විසින් සාධාරණ වේලාවක් ලබා නොදීම සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) පැමිණිලි කිරීමට විපක්ෂය තීරණය තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසූවේ රටට වැදගත් ජාතික වැදගත්කමකින් යුත් හදිසි කාරණයක් පවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි.

මීට පෙර සිටි කිසිදු කතානායකවරයෙක් මේ ආකාරයට විපක්ෂ නායකට හෝ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කතා කිරීම සඳහා බාධා නොකළ බව ගයන්ත කරුණාතිලක එහිදී සඳහන් කළේය.

මීට පෙර අවස්ථා කිහිපයකදීම විපක්ෂයට සිදුවන මෙම අසාධාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළද ඊට සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණු නිසා අන්තර් පාර්ලිමේන්තු සංගමයට මේ ආකාරයට පැමිණිලි කිරීමට තීරණය කළ බවයි ඔහු පවසයි.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් සමග සාකච්ඡා කළ බවත් ඒ සඳහා සියලු දෙනාගේම අනුමැතිය හිමිවූ බවත් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...