spot_img
spot_img

බදු රහිතව ඇමරිකානු වාහන මෙරට වෙළඳපොලට.?

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරටට පැනවූ තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීමට පැවැති සාකච්ඡාවලදී විද්‍යුත් වාහන ඇතුළුව ඇමෙරිකානු වාහන තීරු බදු රහිතව මෙරට වෙළෙඳපොළට ගැනීමට අවස්ථාව දෙන්නැයි යෝජනාවක් ඉදිරිපත් වූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර වෙළෙඳාමේ දී ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් තිබෙන වෙළෙඳ හිඟය අවම කර ගැනීම සඳහා ඇමරිකානු පාර්ශ්වය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ බව ආරංචි මාර්ග පැවැසුවේය.

කෙසේ නමුත් ඇමරිකාවේ එම යෝජනාවට රජය එකවර අනුමැතිය නොදුන් බවත් මේ සම්බන්ධව ශ්‍රී ලංකා රජය අදියෙරන් අදියර සලකා බලනු ඇති බවට එහිදී ඇමරිකානු පාර්ශ්වයට දන්වා ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ජනපති ට්‍රම්ප්ට තීරු බද්ද යටතේ පසුගිය දා ශ්‍රී ලංකාවට පැනවූ සියයට 20 ක තීරු බද්ද අඩුකර ගැනීමට අඛණ්ඩව ඇමරිකාව සමග ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වනු ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය.

තීරු බද්ද අඩුකර ගැනීම සඳහා පැවැති නවතම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ට්‍රප්ගේ තීරු බද්ද යටතේ මුල් අවස්ථාවේ දී පැනවූ සියයට 44 ක තීරු බද්ද සියයට 20 දක්වා අඩු කෙරුණු අතර එම ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ තරගකරුවන්ට පනවා ඇති බදු ප්‍රතිශතවලට සමාන මට්ටමක පවතී.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...