Sunday, May 10, 2026
spot_img
spot_img

කතානායක පඩි වැඩි කරන පනත් කෙටුම්පත් තුනකට අත්සන් කරයි

සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත) සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (23) දින සිය සහතිකය සටහන් කළා.

ඒ අනුව සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත) 2025 අංක 9 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත ලෙසත්, සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත) 2025 අංක 10 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත ලෙසත්, සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත 2025 අංක 11සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත ලෙසත් බලාත්මක වනවා.

ඒ අනුව 2025 අංක 09 දරන සේවකයනගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත මගින් සේවකයන්ගේ අයවැය සහන දීමනාව 2025 මාර්තු (31) දින සිට ගෙවීම නැවැත්වීම 2025 අප්‍රේල් මස (01) වන දින සිට ක්‍රියාත්මක වූ ලෙස සලකනු ලැබේ.

එමෙන්ම 2025 අංක 10 දරන, සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත මගින් 2025 මාර්තු මස (31) වන දින සිට බලපැවැත්වෙන පරිදි අයවැය සහන දීමනාව ගෙවීම නැවැත්වීම, 2025 අප්‍රේල් මස (01) වන දින සිට ක්‍රියාත්මක වූ ලෙස සලකනු ලබනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...