ලෝකයේ විශාලතම කලා කෘතිය ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වීමේ අරමුණින් කොළඹ වරාය නගරයේ නව ක්ලෝත්ස්පින් ටවර්ස් ව්‍යාපෘතිය ඇරඹීමට නියමිත බව වාර්තා වනවා.
ලන්ඩනයේ බිග් බෙන් ඔරලෝසුව පරදවමින් දැවැන්ත ඉදිකිරීමක් මෙම ව්‍යාපෘතිය තුළින් ඇරඹෙනු ඇති බව සඳහන්.
ඒ අනූව මීටර් 15ක උසින් යුත් ග්‍රෑන්ඩ් ඔරලෝසුවක් ඉදිකිරීම සිදු කෙරෙයි.
මෙම සංවර්ධන වැඩසටහන වර්ග මීටර් 24,324 ක් පුරා සිදුකෙරෙනු ඇති අතර ඒ අනූව එහි පළමු වසර තුළ සේවකයින් 280 ක් යෙදවීමට අපේක්ෂිතයි.
Comments




