spot_img
spot_img

මෙවර බොහෝ සිසුන්ට උසස් පෙළ අහිමි වෙයි

මෙවර උසස් පෙළ විභාගය පෙනී සිටින දරුවන්ට විභාග අයිතිය අහිමි කරවීමේ සිදුවීම් ගණනාවක් දිවයිනේ පාසල් රැසකින් වාර්තා වේ.

දැනට පවතින චක්‍රලේඛය හරහා 80%ක පැමිණීම නොමැති දරුවන්ට පාසල නියෝජනය කරමින් විභාගයට පෙනී සිටීමට ඉඩ නොදීමට ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් කටයුතු කිරීම හේතුවෙනි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2006 වසරේ නිකුත් කර ඇති 2006/45 දරන, සිසුන්ගේ පාසල් පැමිණීම ඉහළ නැංවීම සහ පාසල් කාලය තුළදී ගුරු භවතුන් විසින් මුදල් අය කරමින් පෞද්ගලික පන්තිවල ඉගැන්වීම වැළැක්වීම එම චක්‍රලේකයේ අරමුණයි.

කෙසේවෙතත් එම චක්‍රලේඛය පෙන්වමින් විදුහල්පතිවරු තම විද්‍යාලයන්හි පැමිණීම අඩු ඇතැම් උසස් පෙළ උරුවන්ට පාසලෙන් ඉවත්වී පෞද්ගලික අයැදුම්කරුවන් ලෙස විභාගයට ඉදිරිපත් වන්න යැයි බලපෑම් කරමින් සිටිනා බව වාර්තා වෙයි.

පැමිණීම 80%ක් තිබිය යුතු යැයි චක්‍රලේඛයේ සඳහන් වුවද එසේ නොමැති දරුවන්ට විදුහල්පති හා පාසල් කළමනාකරණ කමිටුව මගින් පිළිගන්නා කරුණු සහ වෛද්‍ය වාර්තා මත පදනම්ව විභාගයට වාඩිවීමට ඉඩ දිය හැකි බව අධ්‍යාපණ අමාත්‍යංශය පවසයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...