spot_img
spot_img

රට පුරා ඔන්ලයින් ක්‍රමයෙන් දඩ මුදල් ගෙවීමේ පහසුකම සැප්තැම්බර් සිට

එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම ක්‍රියාත්මක කරන බව ICTA අධයක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පවසනවා.

GovPay සහ ඉදිරියේ දී හඳුන්වාදීමට නියමිත රථවාහන දඩ ඔන්ලයින් ගෙවීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂ පුරසිංහ මහතා,

“සති කිහිපයකට කලින් අපිට කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ නිසා අපි දඩ මුදල් ඩිජිටල් ආකාරයෙන් ගැනීමේ කටයුතු දිවයින පුරා ක්‍රියාත්මක කරන්න මේ මාසයේ ඉඳන් පටන් ගන්නවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ අග වෙනකොට පළාත් දෙකක් බස්නාහිර සහ දකුණු පළාතේ පොලිස් ස්ථාන සම්බන්ධ කරගෙන පළවෙනි අදියරේදී මේක හඳුන්වා දෙන්න. ඊට පස්සේ ඉතාම කඩිනම් වැඩපිළිවෙළක් යටතේ රට පුරාම සැප්තැම්බර් මාසය වෙනකොට සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ස්ථානීය දඩ මුදල් ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න.

අපි govpay එළි දක්වන මොහොතේ ගොඩක් ඇප් රෙඩි වෙලා තිබුණේ නෑ. දැන් ඇප් රෙඩි වෙලා තියෙනවා. බෑක්න් ඇප්ස් රෙඩි වෙලා තියෙනවා ඒ නිසා තමන්ට කැමති ඇප් එකක්, තමන්ට කැමති බැංකුවක් පාවිච්චි කරලා දඩ මුදල් ගෙවන්න පුළුවන්. ”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...