spot_img
spot_img

දුම්රිය ආසන වෙන්කිරීම අද සිට ඔන්ලයින් ක්‍රමයට

අද (14) දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද රාත්‍රී 7 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීම සිදුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ආසන වෙන් කිරීමේ දී මේ දක්වා 40%ක ප්‍රතිශතයක් පමණක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබු අතර අද සිට එය සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුවනු ඇති.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමෙන් පසු දුම්රිය ස්ථානයට පැමිණ ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමට මගීන්ට පෙර සිදුවුවද අද සිට ආසන වෙන් කිරීමේ පත්‍රිකාවේ ඡායාරූපයක් සන්තකයේ තබාගැනීම පමණක් ප්‍රමාණවත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මීට අමතරව රාජ්‍ය සේවකයින් සඳහා හිමිවන නිදහස් බලපත්‍රය වෙන් කිරීමේ අවස්ථාවද මාර්ගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය ඒ සඳහා කිසිදු අය කිරීමක් සිදුකිරීමට තීරණය කර නොමැති අතර එලෙස මුදල් අය කිරීමක් සිදුවන බවට සිදුවන ප්‍රචාර අසත්‍යය බවයි.

මේ අතර, දුම්රිය මඟින් සංචාරක ක්‍ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “දුන්හිඳ ඔඩිසි” නමින් නව දුම්රියක් ඉදිරියේ දී හඳුන්වාදීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අප්‍රේල් මස 05 වන දින සිට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා අදාළ දුම්රිය ධාවනයට එක් කිරීමට නියමිතයි.


spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...