Friday, May 8, 2026
spot_img
spot_img

ඉරාජ්ට නඩු..? මිලියනය ගානක ෆේස්බුක් පිටුවත් ඉවරයි

පසුගිය අරගල සමයේදී එහි ක්‍රියාකාරීව කටයුතු කළ රතිඳු සේනාරත්න (රැට්ටා) විසින් තමා සම්බන්ධයෙන් විවිධ අසත්‍ය මූලය චෝදනා සිදුකරනු ලබන ඉරාජ් වීරරත්න සම්බන්ධයෙන් ඍජු අභියෝගයක් එල්ල කරමින් සිය ගිණුමේ සටහනක් තබා ඇත.

එම දීර්ඝ සටහන මඟින් ඔහු පවසන්නේ තමා සම්බන්ධයෙන් ඇති චෝදනා හෙළි කිරීමට සති දෙකක කාලයක් ලබා දෙන බවත් ඒ අතරවාරයේ එවැන්නක් තොරතුරු සහිතව ඔප්පු කළහොත් තමාගේ ලක්ෂ 7.6ක අනුගාමිකයින් පිරිසක් සහිත ෆේස්බුක් ඉටුවේ අයිතිය ඉරාජ් වීරරත්න වෙත ලබා දෙන බවයි.

එමෙන්ම එම කාලසීමාව තුළ එවැන්නක් ඔප්පු කිරීමට නොහැකි වුවහොත් ඉරාජ්ට අයත් අනුගාමිකයින් ලක්ෂ 11ක් සහිත පිටුවේ හිමිකම තමා වෙත ලබා දිය යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන්.

ඊට අදාල නීතිමය කටයුතු පහසු කරගැනීම සඳහා එම සටහනට රැට්ටා විසින් කොන්දේසි 5ක්ද ඇතුලත් කර තිබේ.

එම සටහන මෙසේය.

IRAJ අක්කියාට ට චැලේන්ජ් එකක් !!

ඔයා අයේ මේ ටිකේ ඔයාගෙම ෆේක් වලින් ගහගෙන ඔයාම කමෙන්ට් දාදා යනවා රැට්ටාට අරගලෙං ඩොලර් ආවා සාක්ශි තියනවා ඔප්පු කරනවාය කිය කිය. පහලිං තියෙනනෙ ඔයාගෙම ෆේක් පෙජ් එකකිං මගෙ නම කියලා ගහපු මඩක් ඔයා ශෙයා කරලා දාපු පොසට් එකක්.

ඔයා වඳ gaaනි වගේ අවුරුදු 3ක් තිස්සෙ ඕක කියො කියො ගිහිං බයියො චූන් කරලා මහන්සිත් ඇතිනෙ. ඒක නිසා මම විඩා නිවෙන්න දෙන්නං ඔයාට අභියෝගයක්.

අරගලේ ඉවර වෙලා අවුරුදු 3ක් වෙනවා ඔයාට මම තවත් සති දෙකක් දෙන්නං. ඒ සති දෙක ඇතුලත ඔයා “සත්‍ය”සහ “legit” සාක්ශිත් එක්ක ඔප්පු කලොත් NGO හෝ මොනම මාරගයකිං රැට්ටාට ඩොලර් ෆන්ඩ් කලා කියලා මම මගෙ මේ Ratta ෆේස්බුක් පේජ් එකේ අයිතිය ඔයාට පවරනවා ! හැබැයි එහෙම ඔප්පු කරගන්න බැරි වුනොත් ඔයාගෙ IRAJ ෆේස්බුක් පේජ් එකේ අයිතිය මට පවරන්න ඕන !

මේකට සාධාරණ කොන්දේසි කිහිපයකුත් දාගමු

1. වීඩියෝ එකේ චෝදනා කරනකොට පැහැදිලිව සහ සෘජුව “රැට්ටා” නැත්තං “රතිඳු සෙනාරත්න” කියන නම භාවිතා වෙන්න ඕන. එහෙම නැතුව අරගලේ හිටපු යුටියුබ් තරුව, තොප්පිය අනිත් පැත්තට දාගෙන හිටපු යූටියුබර්, වගේ ඒවා කියලා ශේප් වෙන්න බෑ ! මොකද බොරු චෝදනා කලොත් ඒ ගැන නීතිමය ක්‍රියාමාරග ගන්න මට පුලුවං වෙන්න ඕන

2. සියලු කරුනු සත්‍ය සහ legit ශාක්ශි සහිතව ඔප්පු කල යුතුයි ! – මෙයා මට කිව්වා, අරයා මෙයාට ලිඳලඟදි කියනවා ඇහුනා, කවුරු හරි කාට හරි කියන කෝල් රෙකෝඩස්, අරගලේ හිටපු කාට හරි කීයක් හරි දීලා කරගන්න ඒක පාරශවිය ඉන්ටවිව්, කොහෙහරි ඇවිදින කාත් එක්ක හරි කතා කරන වීඩියෝ එකක් දාලා ඔය යන්නෙ ඩොලර් ගන්න වගේ ඒවා, බොරු සාක්කි හදන්න බෑ ! සල්ලි ආවනං දැම්ම ඒ සලිප්ස්, දැම්ම එකවුනට්ස්, කීයක් දැම්මද, දැම්මෙ කවුද, දැම්මෙ කවද්ද, ඒ ඔක්කොම විස්තර තියෙන්න ඕන.

3. “මෙහි ඉදිරිපත් කරන සියලු සාකශි වල වගකීම ඉරාජ වන මම බාරගනිමි” කියලා වීඩියෝ එකේ ඩිසකලොශර් එකක් තියෙන්න ඕන. – මේක මට මෙයා කිව්වෙ ඇත්තද දන්නෑ වගෙ බබා පාට් බෑ මොකද, ආයෙත් ඒ තොරතුරු වැරදිනං මඩ අපහාස නං කෙලිංම ඔයාට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගන්න මට පුලුවංකම තියෙන්න ඕන

4. අරගලයෙන් පිට පුද්ගලික ජීවිත අල්ලං අර අශේන්ගෙ ෆෝන් නම්බර් එක ලීක් කරා වගේ පjaaති වැඩ, මඩ බෑ. ඔයා පහල කියල තියනව වගේ වීඩියෝ එකේ මාතෘකාව “රැට්ටාට අරගලයෙං ඩොලර් ආපු හැටි සාක්ශි සහිතව” වෙන්න ඕන

5. ඒ ඔප්පු කරන එකට ඔයාට මගෙ බැංක් ස්ටේට්මන්ට් හෝ මොනයම් හෝ සහයොගයක් අවශ්‍ය නම් මම ඔයත් එක්කම ඇවිත් එකත් කරලා දෙන්නම්

මේ කොන්දේසි සාදාරණයි කියල මම හිතනවා. ඔයා කියන දේවල් බොරු මඩ නෙවේනං සහ ඔයාට තාම පිරිමි කමක් ගැවිලා තියනවනං ඔයා මගේ අභියෝගය ප්‍රසිද්දියේ බාර ගනී කියලා මම හිතනවා !

අනික මගේ අභියෝගය වලංගු වෙන්නේ, පිරිමියෙක් වගේ අභියෝගය හා කොනදේසි ප්‍රසිද්දියේ බාර ගත්තොත් සහ සැපිරුවොත් පමණයි. නැත්තං බයියන්ට චූන් දෙන්න පාලුගෙයි වලං බිඳින වීඩියොස් දාලනං එන්න එපා දෙන්නෙ පයිං ! අභියොගේ සති දෙකක් ඇතුලත භාරගන්න හො කරගන්න බැරි වුනොත් ඔයාගෙ ඔය පkka ලි කටිං මම ගැන බොරු ආයෙ නොකියා ඉන්න ලැජ්ජාවක් තියෙයි කියලාත් හිතනවා.

මොකද කියන්නෙ එකඟද ? පේජ් එකට පේජ් එක !

එකඟනං මේක ඔයාගෙ බයි ජනතාවටත් පේන්න පේජ් එකේ එකඟයි කියලා ශෙයා කරන්න. බයි ජනතාව මේක IRAJ ව ටැග් කරලා ශෙයා කරන්න අහියෝගෙ බාර අරං රැට්ටාගෙ ඩොලර් වංචා රටට එලි කරන්න කියලා

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...