spot_img
spot_img

පාසැල් අධ්‍යාපන ක්‍රමයේ පළමු වෙනස මෙන්න – විනාඩි 50න් පීරියඩ් 7යි

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසූවේ 2018 සිට ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ මූලිකත්වයෙන් මේ වෙනස කුමන ආකාරයෙන් විය යුතු ද යන්න අධ්‍යනය කර විෂය නිර්දේශ නවීකරණය කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු පැවසුවා.

ඔහු වැඩිදුරටත් පැවසූවේ අධ්‍යාපන අමාත්‍යංශය තුළ තිබූ සියලු කාරණා ඒකාබද්ධ කරමින් ගෙනෙන ප්‍රතිසංස්කරණ වර්තමානයේ තිබෙන ඉල්ලීම් සමග ඒකාබද්ධව අවශ්‍ය පරිදි ගෙන ඒම, අමාත්‍යංශයට පැවරී තිබුණු කාර්ය භාරය වන බවයි.

ඒ අනුව 2026 ජනවාරි පළමුවැනිදා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් මෙය ලංකාවේ සියළු පාසල් වල 1ශ්‍රේණියේ සිට 6 වන ශ්‍රේණි වලින් ආරම්භ කිරීමට නියමිත බවත් නාලක කලුවැව මහතා සඳහන් කළා

නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමත් සමගම 2026 සිට පාසලක කාල පරිච්ඡේදයක කාලය විනාඩි 50ක් බවට පත් වන අතර, දැන් තිබෙන කාලච්ඡේද අට 7ක් බවට පත් වන බවද ලේකම්වරයා පැවසුවා.

එමෙන්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වුණත් කාලපරිච්ඡේද වල පැය ගණන සහ පරිච්ඡේද ගණන සියලු සිසුන්ට සමාන බවද හෙතෙම පැවසීය.

තවද මේ වර්ෂය තුළදී ජාතික අධ්‍යාපන ආයතන සහ අධ්‍යාපන අමත්‍යංශය විසින් පළාත් සභා සමග ඒකාබද්ධව මූලිකව 1 සහ 6 ශ්‍රේණි වලට අදාළ ගුරුවරුන් අවම වශයෙන් ලක්ෂයක් පුහුණු කිරීමටද බලාපොරොත්තු වන බව නාලක කලුවැව මහතා පවසයි. එහි පළමු පියවර ලෙස ජාතික අධ්‍යාපන ආයතනය විසින් පුහුණු කරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් (TOT) තුළින් 7500 දෙනෙක් පුහුණු කිරීමටද අපේක්ෂා කෙරේ.

මෙහිදී Module ක්‍රමවේදයක් භාවිත කරන අතර එම ශ්‍රේණි වලට අදාළ module අමාතංශය විසින් මුද්‍රණය කර ලබා දීමට බලාපොරොත්තු වන බව පවසමින් ලේකම් වරයා කියා සිටියේ මෙහි සමස්ථ ක්‍රියාවලියේ සාර්ථකත්වය රැඳී පවතින්නේ ගුරවරුන් අත බවයි. මෙම පද්ධතියට පැමිණෙද්දී බොහෝ දේවල පවතින පද්ධතියේ දේවල්ම භාවිත කිරීමට සිදු වන අතර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම නව දේවල් ඇති කර ආරම්භ කල නොහැකි ක්‍රියාවලියක් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...