spot_img
spot_img

සාරා ජස්මින් මැරිලා නෑ පෙන්නපු DNA වාර්තා බොරු – මහජන ආරක්ෂක ඇමතිගෙන් හෙළිදරව්වක්

මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා විසින් පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් 2019/4/29 දින සයින්දමර්දු ප්‍රදේශයේ දී සිදුවූ ස්වයං ඝාතන බෝම්බ පිපිරීමෙන් මියගිය බවට වන තොරතුර අතිශය බරපතළ සැකයට ලක්වන බව විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පවසයි.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ,

“ඩීඑන්ඒ වාර්තා 2ක් කැඳවලා තියනවා.ඒ වාර්තා දෙකේම ඇයගේ සමීපතමයින්ගේ ඩීඑන්ඒ සමග ගැලපෙන්නේ නෑ. තුන්වන අවස්ථාවේ දී එවකට මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකරගේ මැදිහත්වීමෙන් වාර්තාවක් කැඳවා සාරා ජස්මින් මිය ගිය බවට සහතික කරන්න හදනවා.” නමුත් ඒ DNA සාම්පල් ලබා ගැනීම සහ DNA පරීක්ෂාව සම්බන්ධව බරපතළ සැක කටයුතු හැසිරීම් අනාවරණය වී තිබෙනවා. මේ බරපතළ සිද්ධිය සම්බන්ධව මේ අවස්ථාවේ මේ සභාවට අනාවරණය නොකරන අතර අවශ්‍ය වෙලාවේ දී අධිකරණයට කරුණු ගොනු කරනවා.” යනුවෙන්.

එසේම අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ සාරා ජස්මින් 2019/04/29 දින මිය ගියාද නැද්ද යන්න සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් දැනට උද්ගතව ඇති බැවින් ඒ සම්බන්ධව ගැඹුරු විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් තිබෙන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...