Friday, June 5, 2026
spot_img
spot_img

චාමර සම්පත් ඇ.ඩො. මිලියන 300කට වැඩේ දීලා

හිටපු රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායකගේ සෘජු මැදිහත් වීමෙන් ආරම්භ වූ නීතිවිරෝධී ව්‍යාපෘතියක් හරහා, අරුවක්කාලුවල පිහිටි ඉහළ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භූමියක් විනාශ වන අතර, රටට අමෙරිකානු ඩොලර් මිලියන 300කට වැඩි ආර්ථික හානික්ද සිදුවී ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩමක වන අතර, ඛනිජ කැණීම් පිළිබඳ විශේෂඥතාවක් නොමැති, හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාගේ ඥාතියෙකුට අයත් සමාගමක් විසිනි.

මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත, චාමර සම්පත් දසනායක මහතා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා ලෙස ලිපියක් යවා තිබේ.

‘මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සදහා ආශා මිනරල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන ලදි. එහිදී එම ව්‍යාපෘතිය රටට වැඩදායක ලෙස මතුපිට පස් තට්ටුව නිස්සාරණය කර අගය වැඩි කළ ඛනිජ ද්‍රව්‍ය ලෙස අපනයනය කිරීමට එකී යෝජනාව ක්‍රියාත්මක කිරීම සුදුසු බව මා විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුවත් කරන ලදි.’

මේ ලිපියෙන් පසු ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ එවකට සභාපති ජී.එල්.ජේ.එස්. ධර්මප්‍රිය විසින් 2024 ජනවාරි 04 වැනිදා මේ භූමිය වසර 50ක කාලයකට බද්දට ගෙන ඇති සියෑම් සිටි සිමෙන්ති ලංකා සමාගමේ සභාපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.
සියෑම් සිටි සිදු කිරීමට සැලසුම් කළ ව්‍යාපාර මේ භූමියේ නොකිරීම නිසා පසුගිය වසර කිහිපයේදී ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් රටට අහිමි වී ඇති බවද අනාවරණය වේ.

සියෑම් සිටි සමාගම වෙත සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයා යැවූ ලිපියේ සඳහන් කර ඇත්තේ ආශා මිනරල් නම් අදාළ සමාගම සමග තිබූ ගැටලු සාකච්ඡා මඟින් අවසන් කරගත් බවයි. එසේම නව ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ද එමගින් උපදෙස් දී ඇත.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ:

‘‘තවද ගරු අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇමැතිතුමාද මේ පිළිබදව නිතර සිහිපත් කරන අතර, ව්‍යාපෘතිය කඩිනම් ව කරන්නේ නම් එතුමා දැඩි සතුටට පත් වනු ඇත.’ ආශා මිනරල්ස් සමාගමේ සේවය කළ අයකු විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක සඳහන් වන්නේ මේ සමාගම මඟින් පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ප්‍රදේශවල කැණීම් කටයුතු සිදු කරන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පුරාවස්තුවලට සහ ආරක්ෂිත කලාපවලට හානි සිදු වූ බව තමන් නිරීක්ෂණය කළ බවත්ය. මේ ව්‍යාපෘතිය මඟින් සිදු කළ නීතිවිරෝධී කටයුතු රැසක් පිළිබදවද අදාළ දිවුරුම් ප්‍රකාශයේ දැක්වේ. මේ ව්‍යාපෘතිය සදහා භූවිද්‍යා හෝ පරිසර අනුමැතීන් කිසිවක් ලබාගෙන නැති බවද අධිකරණයට ඉදිරිපත් කර ඇති ලිපිගොනුවල සදහන්ය. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ SC/FR/146/2024 අංක දරන මූලික අයිතිවාසිකම් පෙත්සමද ගොනු කර ඇති අතර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවටද මේ නීතිවිරෝධී ව්‍යාපෘතිය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ප්‍රාථමික කර්මාන්ත විෂය බාර හිටපු රාජ්‍ය ඇමැති, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසුවේ මේ ව්‍යාපෘතිය පිළිබදව දැන් තමන්ට මතකයක් නැති බවයි. එම නිසා අදාළ ව්‍යාපෘතිය පිළිබදව යොමුකරන ප්‍රශ්නවලට පිළිතුරු දීමේ හැකියාවක් නැති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...