spot_img
spot_img

රාජිත බයෙන් ද? හොරු අල්ලන්නෙ ගොඩවෙන්න නෙවෙයි – ආර්ථිකය ආයෙමත් ගිලෙනවලු

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසන්නේ, වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බැවින් ඉදිරියේදී රට යළිත් විශාල ආර්ථික අර්බුදයකට ගමන් කරනු ඇති බවයි.

“පාර්ලිමේන්තුවේ බලය හිමිවන්නේ කාටද, කවුරු එහා මෙහා යන්නේද යනුවෙන් දාම් බෝඩ් එකක ඉත්තන් මෙන් කතා කිරීමෙන් පලක් නැහැ. මේ රට බේරා ගත හැක්කේ ආර්ථිකයෙන් පමණයි. සංවර්ධනය, දූෂණ විරෝධය වැනි දේවල් කළ යුතුයි, දූෂණය පාලනය කළ යුතුයි. නමුත් රටේ පැවැත්ම තීරණය වන්නේ ආර්ථිකයෙන්.

එම ආර්ථිකය ගොඩගැනීමට මේ රජයට හැකියාවක් ඇත්දැයි ඕනෑම කෙනෙකුට දැන් තේරෙනවා. ඔවුන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් නැහැ. එනිසා, මේ ආර්ථික අර්බුදය ඉතාමත් බරපතළ තත්ත්වයකට අගෝස්තු මාසය අවසන් වන විට ආරම්භ වෙනවා. ඊළඟට, අවුරුද්ද අවසන් වන විට එය තවත් තීව්‍ර වෙලා, ලබන වසරේ පළමු කාර්තුවේදී රට ඉතාමත් විශාල අර්බුදයකට ගමන් කරනවා.

ඒ නිසා, රජයේ වගකීම වන්නේ මේ සම්බන්ධයෙන් සියලු දෙනා සමඟ සාකච්ඡා කර සාධාරණ වැඩපිළිවෙළකට එළඹීමයි. රටක් බංකොලොත් තත්ත්වයකින් ගොඩ ගැනීම ලෙහෙසි නැහැ. රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙකහමාරකින් රට ගොඩගත්තත්, එය මේ ජනතාවට වටිනාකමක් නැති වුණා.”

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...