Sunday, April 19, 2026
spot_img
spot_img

කටඋත්තර ගැනීමට පෙර දැනුම්දිය යුතුයි – නව චක්‍රලේඛයක්

කිසියම් පැමිණිල්ලකට අදාළව පුද්ගලයෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවන විට, එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව ඔහුව දැනුවත් කළ යුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් සකස් කර, එය දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා කටයුතු කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මෙම දැනුම්දීම සිදුවූයේ, බලශක්ති විශේෂඥ විදුර රැළපනාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමේදීය. මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ සම්පත් විජයරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබිණි.

පෙත්සම්කරු පවසන්නේ, තමන් විසින් සමාජ මාධ්‍යයේ පළ කළ අදහසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසමින්, පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරියෙකු තමාට දුරකථන මාර්ගයෙන් දැනුම් දුන් බවයි. පසුව, තමාට එරෙහිව ඇති පැමිණිල්ලේ ස්වභාවය සහ එහි අන්තර්ගත කරුණු ගැන විමසූ විට, පොලිස් නිලධාරීන් එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත්, එමඟින් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවත් ඔහු චෝදනා කරයි. ඒ අනුව, එම උල්ලංඝනයට එරෙහිව තීන්දුවක් ලබාදෙන ලෙස ඔහු පෙත්සම මඟින් ඉල්ලා ඇත.

පෙත්සම විභාග කිරීමේදී, නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්, මීට පෙර අධිකරණය හමුවේ ලබාදුන් ප්‍රතිඥාවකට අනුව, අදාළ චක්‍රලේඛය සකස් කර දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත බෙදා හැර ඇති බවයි.

පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, මෙම ක්‍රියාමාර්ගය ගැන තමන් සෑහීමකට පත්වන බවත්, ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කළ හැකි බවත්ය. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කළේය.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරික්ෂක තිසර, එම අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...