Thursday, June 4, 2026
spot_img
spot_img

මාල කඩන හිටපු කොස්තාපල් – හරි ෂෝක්

අතුරුගිරිය ප්‍රදේශයේදී කාන්තාවන්ගේ රන් භාණ්ඩ කොල්ලකෑමට සහ මත්ද්‍රව්‍ය තොගයකට සම්බන්ධ බව කියන කණ්ඩායමක හිටපු පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශය මෙහෙයවූ මෙහෙයුමකදී, මාර්ග අංක තහඩු වෙනස් කළ යතුරුපැදියකින් ගමන් කළ සැකකරුවන් පරීක්ෂා කරමින් සිටියදී, ඔවුන් සන්තකයේ හෙරොයින් සහිත මත්ද්‍රව්‍යයක් හමු වී තිබේ.

පසුව කළ විමර්ශනවලදී, මෙම සැකකරුවන් අතුරුගිරිය, කඩුවෙල, කිරිඳිවැල, කොට්ටාව සහ මුල්ලේරියාව ආශ්‍රිතව සිදුකළ රන් මාල සහ අත්පලදනා පිළිබඳව තොරතුරු හෙළි වී තිබේ.

පොලිසිය පවසන්නේ කොල්ලකෑම්වලදී සමාන්‍යයෙන් රු. ලක්ෂ 25කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ උකස් කර ඇති බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි හිටපු පොලිස් කොස්තාපල්වරයකු, 26 හැවිරිදි රියැදුරු වරයෙකු සහ 32 හැවිරිදි පිංතාරුකරුවෙකු වන අතර ඔවුන්ගෙන් එක් අයෙකුට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් නිකුත් වුණු වරෙන්තු හයක් පවතින බවද පොලිසිය පවසයි.

සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...