Thursday, June 4, 2026
spot_img
spot_img

රුසියාවේ වෛරසය දැන් ලංකාවේ ? – නවතම පර්යේෂණය මෙන්න

ලංකාවේ සූකර උණ රෝගයෙන් මියගිය ඌරන්ගේ සාම්පල කිහිපයක් ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ පාලනය යටතේ කැනඩාවේ විද්‍යාගාරයකට යවා පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ, එම සාම්පලවලින් 60%කට වඩා රුසියානු කලාපයේ පැතිරුණු වයිරසයට සමාන බවයි.

මේ බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පවසා ඇත.

සූකර උණ රෝගයෙන් හානියට පත්වූ සූකර කර්මාන්තයේ ඉදිරි සැලසුම් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවසුවාය.

මෙරට සූකර ගොවිපොළ 2,500ක පමණ අප්‍රිකානු සූකර උණ වයිරසය පැතිරීම හේතුවෙන් ඌරන් 67,000කට අධික පිරිසක් මියගොස් ඇති බව හෙළි වී තිබේ. සත්වයකු හෝ මාංශයක් මෙරටට ගෙන ඒමට නම්, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ නිෂ්කාශන බලපත්‍රයක් අවශ්‍ය බවත්, එසේ බලපත්‍රයක් නොමැතිව ගෙන එන අවස්ථා රේගුවේදී හඳුනාගැනෙන බවත් ඇය සඳහන් කළාය.

එසේම, මෙරටට පැමිණෙන ගුවන් යානා හා නැව්වල ඉඳුල් එම රටවලටම බැහැර කරන බවත්, එම ඉඳුල් සූකර ගොවිපොළවලට ගෙන යන බවත්, ඒවා නිරෝධායනයට ලක් නොවන බවත් ඇය පැවසුවාය. මේ හේතුවෙන් සූකර උණ රෝගය ඇති රටක ඉඳුල් හරහා මෙම රෝගය පැතිරීමේ අවදානමක් ඇති බවද ඇය කීවාය.

එම ඉඳුල් ඉහළ උෂ්ණත්වයකින් රත් කිරීමේදී වයිරසය මිය යන බවද ඇය සඳහන් කළාය. මෙම අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත් සංවර්ධන) ආචාර්ය පාලිකා ප්‍රනාන්දු පැවසුවේ, මේ වනවිට සූකර ගොවිපොළ 251ක් නැවත ආරම්භ කර ඇති නමුත්, තවමත් අවිධිමත් ලෙස පවත්වාගෙන යන ගොවිපොළවලින් සතුන් මිය යෑම් වාර්තා වන බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...