spot_img
spot_img

බෝරා ආගමික උත්සවය අතරතුර වීඩියෝ කරපු පොඩි සහරාන් අත්අඩංගුවට

බෝරා ආගමික උත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි බෝරා ආගමික පල්ලිය ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කරමින් සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මහනුවර ශ්‍රීමත් කුඩාරක්වත්ත මාවතේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු පොඩි සහරාන් යන නමින් හඳුනාගෙන ඇත.

ලංකාදීප පුවත්පතේ වාර්තාවලට අනුව, සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන ඇති අතර, එම ජංගම දුරකථනයේ ඇති වීඩියෝ දර්ශන පිළිබඳව විමර්ශනය කිරීමට පියවර ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමේදී සැකකරු බම්බලපිටිය දුම්රිය ස්ථානය සහ බෝරා ආගමික පල්ලිය ආශ්‍රිත ප්‍රදේශයේ වීඩියෝ ගත කරමින් සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාරදී ඇති බවත්, එම විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...